Sunday, July 18, 2010

මූන්ගේ තීරණය ගැන නොදත් ‘මාරාන්තික’ උපවාසකාර ඇමැති වීරවංශ මෙසේ කියයි

ඇමැති වීරවංශ මහතාගේ ‘මාරාන්තික’ උපවාසයෙන් පසු ඊයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ලංකාව සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීමට පත් කර තිබූ තිදෙනෙකුගෙන් යුත් උපදේශක සභාව තවත් 8 දෙනෙකුගෙන් වැඩිකර තිබූ බව ‘ලංකා ඊ නිව්ස්’ වාර්තා කර තිබුණි. එම 8 දෙනා පත් කර ඇත්තේ පෙර පත් කළ උපදේශකයන්ට සහාය වීම සඳහා ය.

බෑන් කී මූන් මහතාගේ මෙම තීරණය ගැන නොදන්නා අප ‘මාරාන්තික’ උපවාසකාර ඇමැති වීරවංශ මහතා පසුගිය සති අන්ත පුවත් පතකට කරන ලද සම්මුඛ සාකච්ඡුාවකදී මෙසේ පවසා ඇත.

‘මගේ උපවාසය රංගනයක් නම් දින තුනකට කිලෝ තුනක් බර අඩුවෙන්න විදියක් නෑනේ. රංගනයකට හරි මිනිහෙකුට තුන්මුල්ල හන්දියේ අට්ටාලයක් උඩ දවස් තුනක් ඉන්න එකත් ලේසි නෑනේ. මේක රංගනයක් නම් බන් කී මූන්ට (වීරවංශ මහතා උච්චාරණය කරන්නේ ‘බන්’ යනුවෙනි* යම් යම් ප‍්‍රකාශ නිවේදන නිකුත් කරන්න වෙන්නෙ නෑනේ. මේ සටන ජයග‍්‍රාහී තලයකට ගේන්න හැකි වීම ගැන අධිරාජ්‍යවාදීන්ට කත් අදින බලවේග කුපිත වෙලා.’.....

‘බන් කී මූන් එන්න හදන්නේ මොකාටද කියන එක ගැන දින තුනකින් ජනතාවට අවබෝධයක් දෙන්න අපට පුළුවන් වුනා. එ් හරහා ලෝකයට පෙන්වන්න පුළුවන් කම ලැබුනා මේ රටට හතුරු තීරණයක් ගත්තොත් රටේ නායකයන් නිකම් ඉන්නෙ නෑ කියලා.

රට වෙනුවෙන් දිවි දෙන්න සමත් ජනතාවක් ඉන්න බව ගැඹුරු ලෙස එත්තු ගන්වන්න පුළුවන් කම ලැබුණා. දැන් ඉතින් බන් කී මූන් ලංකාව ගැන තීරණයක් ගන්න කොට දෙවතාවක් නොවෙයි සිය වතාවක් හිතන්න පෙළඹෙනවා.

ප‍්‍රශ්ණය: ‘ඔබ කිව්වේ උපවාසය නතර වන්නේ එක්කෝ මරණයෙන් නැතිනම් බෑන් කී මූන් කමිටුව අකුලා ගැනීමෙන් කියලයි. නමුත් බෑන් කී මූන් කමිටුව අකුලා ගත්තේ නෑ. ඔබේ උපවාසය නතර වුනා.’

‘මගේ අධිෂ්ඨානය තිබුනේ සටන ජයග‍්‍රහණයෙන් නැතිනම් මරණයෙන් කෙළවර කිරීමටයි. එත් සංවිධායකයන්ට මහජනතාවගෙන් විශාල පීඩනයක් එල්ල වෙලා තිබුණා. ඇයි වීරවංශට මෙහෙම මැරෙන්න අරින්නේ, ඔයගොල්ලන්ට ඕන වීරවංශ මරාගන්නද? කියලා. යම් යම් පිරිස් සූදානම් වෙලා තියෙනවා නතර නොවෙනවානම් බලහත්කාරයෙන් මාව අරගෙන අරගෙන යන්න. තව සමහරු ගිනි තියාගන්න සූදානමින් ඉඳල තියෙනවා. මේ සියල්ල මධ්‍යයේ තමයි අපේ දේශපාලන මණ්ඩලය තීරණය කරන්නේ.. ඇත්තටම ඔවුන් තමයි තීරණය කරන්නේ...මම නොවෙයි තීරණය කරන්නේ, ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසු උපවාසය නතර කරන්න. ඔවුන් එක මට යෝජනා කළා. මම ප‍්‍රතික්ෂේප කළා. නමුත් දේශපාලන මණ්ඩලය තීරණයක් අරගෙන තියෙනවා. මගේ අනුදැනුමකින් තොරව සිද්ධි පෙළ ගැහිල තියෙනවා.’

මූන්ගේ තීරණය ගැන නොදත් ‘මාරාන්තික’ උපවාසකාර ඇමැති වීරවංශ මෙසේ කි
ප‍්‍රශ්ණය: ‘මෙතනින් එහාට බෑන් කී මූන්ගේ කමිටුවේ ඉරණම කුමක් වෙයිද?’
‘කමිටුවට විතරක් නොවෙයි, බන් කී මූන්ටත් ලංකාව ගැන තීරණයක් ගන්නවනම් මෙතනින් එහාට සිය දහස් වාරයක් හිතන්න වෙනවා. අපි ඔප්පු කරල පෙන්නුවා රටම සටන් කඳවුරක් කරන්න අපි ලෑස්තියි කියලා. මම මාරාන්තික උපවාසය කරනකොට දහ දොලොස් දෙනෙක් හිටියා මාව නැගිටුවලා ඔවුන් උපවාසයට වාඩි වෙන්න. ගිනි තියාගන්න පිරිස් හිටියා. මේ තත්ත්වය නොසලකා හැර එ් අයට තීන්දු ගන්න බෑ. අපි බලමු උන්නැහේගෙ කමිටුව ඊ ලඟට කරන්නෙ මොකක්ද? කියලා.’

මේ අනුව වීරවංශ මහතාට ‘මාරාන්තික තරඟයට’ අවතීර්ණ වීමට යළිත් වරක් අවස්ථාවට උදා වී ඇත.

පුවත් අනුග්‍රහය ලංකා ඊ නිව්ස්

ප‍්‍රතිසංවිධාන නොකළොත් ‘වික‍්‍රමසිංහ’ නමක්වත් තියෙන කෙනෙක් මහපාරෙදීවත් හමුවෙන්න එපා -ලක්‍ෂ්මන්

එජාප ප‍්‍රතිසංවිධාන යෝජනා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතික්‍ෂේප කළහොත්, එජාපයට කරන්නට පුළුවන් ලොකුම හතුරුකම ඔහු කරනවායි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම්, බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතා කියයි.

ප‍්‍රතිසංවිධාන යෝජනා කි‍්‍රයාත්මක නොකළහොත් එජාපයට අනාගතයක් නැතැයි කියන ඒ මහතා, රනිල් වික‍්‍රමසිංහ මහතාට තවත් අවුරුදු 15 - 16 ක් විපක්‍ෂය වී ඉන්න පුළුවන් බවත්, එසේ වන විට පක්‍ෂය හේදිලා හේදිලා ගොස් විපක්‍ෂයක් නැතිව, ගොස් ප‍්‍රධාන විපක්‍ෂයට තවත් පක්‍ෂයක් වනු ඇති බවත් සඳහන් කරයි.

සෙනවිරත්න මහතා මෙසේද කියයි.

‘මේ ප‍්‍රතිසංවිධානය තුළින් මොකක්ද සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් වෙනවා. නායකත්වය වෙනස් නොවුනහොත් මොකක්ද වෙන්නේ. ඇයි මේක වන වනා කියන්නේ. රනිල් වික‍්‍රමසිංහ මහතාට ජයග‍්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවීමට වාසනාවක් තියෙනවද? නෑ. එජාපයේ පිරිහීම බලන්න. එහෙම නම් නව නායකත්වයක් මේ පක්‍ෂයට දෙන්න අවශ්‍යයි. මේක දෙකේ පන්තියේ ළමයකුටත් තේරෙනවා.’
‘මේ පක්‍ෂයේ ඇතුලේ ඉන්නවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. එහෙම වුණොත් ‘වික‍්‍රමසිංහ’ නමක්වත් තියෙන කෙනෙක් මට මහපාරෙදීවත් හමුවෙන්න එපා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. නරකට නෙමෙයි මේ පක්‍ෂයට කරන හානියටයි.’

සෙනවිරත්න මහතා මේ සඳහන කරන්නේ සතිඅන්ත ‘ඉරුදින’ පුවත්පත සමඟ කරන සාකච්ඡුාවකදීය.

මූන්ගේ උපදේශක කමිටුව දුරදිග යයි: සහායට තවත් 8දෙනෙක්

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ශ‍්‍රී ලංකාවේ යුද්ධය පැවැති කාලයේ කටයුතු ගැන උපදෙස් දීමට පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ සහාය සඳහා දකුණු අපි‍්‍රකාවේ ජෙසිකා නිව්වරත් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කොට ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරංචි මාර්ග පවසයි.

ති‍්‍රපුද්ගල කමිටුවට සහාය දැක්වීම සඳහා පත් කළ එම කණ්ඩායමේ ප‍්‍රධානී ජෙසිකා නිව්වරත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලධාරිනයක් ලෙස දිගුකලක් සේවය කර ඇති අයකු වන අතර සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන ද.අපි‍්‍රකානු ජාතික නවනීදම් පිල්ලේගේ මිතුරියක ද වන බව පැවසේ.
නවනීදම් පිල්ලේ බොහෝ කලක සිට ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ප‍්‍රසිද්ධියේ ශ‍්‍රී ලංකාවට විරුද්ධව අදහස් පළ කළ අයෙකු ලෙස ප‍්‍රචලිතය. ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූයේ යැයි චෝදනා කරන ලද්දේ මෙම නවනීදම් පිල්ලේ ප‍්‍රමුඛ සමහර නිලධාරීන් විසිනි. මෙසේ ඇයගේ යෙහෙළියක මෙම සහාය දැක්වීමේ කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස පත් කිරීම ශ‍්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස සැක මතුවේ යැයි දේශපාලන අංශවල කථාබහට ලක්ව තිබේ.

කරූ , සජිත් අතර සාකච්ඡා බාලගිරිද...........?

එජාපයේ නායකත්වය සම්බන්ධයෙන් පවතින
අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා සජිත්
පේ‍්‍රමදාස මහතා ඇතුලූ ඔහුගේ නියෝජිත පිරිස් හා
එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා අතර
අද (18* පස්වරු 3ට කරූ ජයසූරිය මහතාගේ නිවසේ
පවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දින නියමයක්
නොමැතිව කල්දමා ඇති බව කේම්බි‍්‍රජ් විපක්‍ෂනායක
කාර්්‍යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය, සභාපති
ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, මහලේකම් තිස්ස
අත්තනායක, ප‍්‍රතිසංවිධාන කමිටුවේ සභාපති ජෝෂප්
මයිකල් පෙරෙරා, එම කමිටුවේ සාමාජික කබීර් හෂීම්
යන ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවීමට සජිත් පේ‍්‍රමදාස මහතා එකඟත්වය පළකර තිබූ අතර ඔහුගේ
නියෝජිත කණ්ඩායමට තලතා අතුකෝරාල මන්ත‍්‍රීවරයි හා ලක්‍ෂමන් සෙනවිරත්න, රංජිත් මද්දුම
බණ්ඩාර, දයාසිරි ජයසේකර යන මන්ත‍්‍රීවරුන් මෙන්ම හිටපු උපනායක රුක්මන් සේනානායක මහතාද
ඇතුලත්ව තිබිණ.

මාධ්‍යවලින් මෙම හමුව පිළිබදව පුළුල් ප‍්‍රචාරයක් ලබාදී තිබීමත්, මෙම සාකච්ඡාව තුලින් හෙට
පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට අනිසි බලපෑමක් එල්ලවිය හැකි බවට පක්‍ෂයේ
ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු ඉල්ලීම් කර තිබීමත් නිසා මෙම සාකච්ඡාව කල්දමා තිබේ.

කෙසේවුවද, පක්‍ෂය දෙකඩවීම වැලක්වා ගැනීම සඳහා නායකත්වය හෝ සෙසු ප‍්‍රධාන නිලයන් සඳහා
තරගයකට නොගොස් නායකත්ව මන්ඩලයක් ස්ථාපිත කිරීම හෝ උපනායක තනතුරු දෙකක් ඇතිකර
ඒ සඳහා රවී කරුණානායක සහ සජිත් පේ‍්‍රමදාස පත්කිරීම කෙරෙහි එකඟතාවයක් ඇතිකරගනිමින්
ඒ පිළිබද යෝජනා හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මන්ඩලයට ඉදිරිපත් කිරීමට මෙම පිරිස් මූලික
සූදානමකින් සිටි බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.